ලේඛන කථනයට හැරවීමේ මෘදුකාංගය

පර්යේෂණ මට්ටමින් සිංහල ලේඛන කථනයට හැරවීමේ මෘදුකාංග පිලිබඳව කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ කටයුතු කෙරුණද මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ වාණිජ මට්ටමේ එවැනි මෘදුකාංගයක් නිෂ්පාදනය කිරීමයි. එහෙයින් මේ දක්වා අප උත්සාහයන් යොමුවූයේ මෙම කටයුත්තෙහි ගුණාත්මක භාවය ඉහල නැංවීමටයි. සිංහල ශබ්දමාලාව හඳුනා ගැනීම, අදාල වාක්‍යාංශ පටිගත කර සංහිතාවකට ඇතුල් කිරීම සහ පෙළ විශ්ලේෂකයක් නිර්මාණය කිරීමට අමතරව මෙම ව්‍යා පෘතිය මඟින් ස්වාභාවික ලෙස සිංහල උච්චාරණට හැකි සංයෝජක මෘදුකාංගයක් ද නිමවන ලදී. මෙහිදී මූලික ක්‍රමවේදය ලෙස අපි යොදාගත්තේ ද්වි-ශබ්ද (diphone) ඈඳීමයි. මේ සඳහා අපි පහත සඳහන් පියවරවල් අනුගමනය කළෙමු. 1. පෙළ විශ්ලේෂකය: 1. සිංහල පෙළ නොවන දේ සහ ඒවා සිංහල පෙළ බවට පෙරළිය හැකි ක්‍රම අධ්‍යයනය කිරීම 2. පෙළ විශ්ලේෂකයක අතුරුමුහුණත නිර්ණය කිරීම 3. පෙළ විශ්ලේෂකයක අතුරුමුහුණත නිර්මාණය කිරීම 2. ශබ්දානුසාරකය: 1. සිංහල ශබ්ද විද්‍යාව අධ්‍යයනයනය කිරීම 2. ශබ්ද පිළිබඳ ‍ක්‍ෂේත්‍රයීය වචනමාලාව හඳුනාගැනීම 3. සුලබම ද්වි-ශබ්ද (diphone) පටිගත කිරීම සඳහා වාක්‍ය සැකසීම 4. ශබ්ද සංස්කාරකය නිර්ණය කිරීම 5. ද්වි-ශබ්ද (diphone) සංහිතාව ගොඩනැගීම 6. ශබ්ද සංස්කාරකය නිර්මාණය කිරීම 3. මෙම‍ සියළු කොටස් එකතු කර ලේඛන කථනයට හැරවීමේ මෘදුකාංගය නිර්මාණය කිරී
මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා පහත දැක්වෙන සබැඳිය බලන්න
http://www.ucsc.cmb.ac.lk/ltrl/?lang=si&page=panl10n_p1&style=default

Comments

Problem with activation

Hi there, I dont know if I am writing in a proper board but I have got a problem with activation, link i receive in email is not working... http://www.locallanguages.lk/?632e364e7838cf9638cc7b0a5b1,

Post new comment

The content of this field is kept private and will not be shown publicly.
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Allowed HTML tags: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Lines and paragraphs break automatically.

More information about formatting options

web page hit counter