කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය මුද්‍රිත අකුරු හඳුනාගැනීමේ මෘදුකාංග පිළිබඳව කළ පෙර උත්සාහයන් මූලික වශයෙන් යොමුවූයේ මේ කටයුත්ත සඳහා වඩාත්ම ඔබින ක්‍රමවේදය සොයාගැනීමටයි. මෙහිදී අප අරමුණ වූයේ ඉහත කී ප්‍රයත්නයන්හි ප්‍රතිඵල නිෂ්පාදනයක් ලෙස එළි දැක්වීමයි. මුලින් මෙම මෘදුකාංගය සුලබ භාවිතයේ වූ ෆොන්ට් සඳහා නිර්මාණය කර තිබුන ද ඉදිරියේදී එය ෆොන්ට්වලින් ස්වායත්ත මෘදුකාංගයක් බවට පත්කරනු ලැබේ. මෙම මුද්‍රිත අකුරු හඳුනාගැනීමේ මෘදුකාංගය නිර්මාණයේදී පහත සඳහන් පියවර අනුගමනය කෙරිණි. 1. පෙර සැකසුම් කටයුතු: 1. ලේඛන පරිලෝකනය කිරීම (scanning) සහ ආනති හඳුනා ගැනීම 2. දෝෂ හඳුනා ගැනීම හා ඉවත් කිරීම 3. පෙළ ලක්ෂණ හා අක්ෂර ලක්ෂණ උකහා ගැනීම 2. දත්ත එක්රැස් කිරීම: 1. නියෝජිත පෙළ (representative text) හඳුනා ගැනීම 2. පුහුණු, සහතික කරන හා පරීක්ෂක පෙළ කුලක බෙදීම 3. සැකසුම: 1. ලක්ෂණ උකහාගැනීම හා රටා ගැලපීම 2. වෙනත් තරඟකාරී ඇල්ගොරිදම පරීක්ෂා කිරීම 3. ඇල්ගොරිදමය සියුම් සැකසීම (optimization) 4. මෘදුකාංගය නිර්මාණය මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා පහත දැක්වෙන සබැඳිය බලන්න
http://www.ucsc.cmb.ac.lk/ltrl/?lang=si&page=panl10n_p1&style=default
Comments
Post new comment